ඉඩම් අනු බෙදුම් හා ඒකාබද්ධ කිරීමේ සංවර්ධන සැලසුම් අනුමත කිරීම

  • නිවැරදිව සම්පූර්ණ කරන ලද 2021 නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් හා සංවර්ධන නියෝගවල 1 වන උපලේඛනයේ ඉල්ලුම් පත්‍රය
  • සුදුසුකම් ලත් තැනැත්තකු විසින් සහතික කරන ලද ඉඩම අනු බෙදුමට හෝ ඉඩම් ඒකාබද්ධ කිරීමට අදාළ මිනින්දෝරු සැලැස්මේ පිටපත් 5 ක් (සංවර්ධනයේ ස්වභාවය අනුව අදාළ වන සුදුසුකම් ලත් තැනැත්තා කවරෙක් ද යන්න සභාවේ වෙබ් අඩවියෙන් හෝ පෙරටු කාර්යාලයෙන් දැන ගැනීමට හැකි ය)
  • සංවර්ධනයේ ස්වභාවය අනුව ඉල්ලුම් පත්‍රයේ සඳහන් කර ඇති ආයතනවලින් නිකුත් කරනු ලබන සහතික
  • ඉල්ලුම්කරු ඉඩමේ හිමිකරු නොවන අවස්ථාවක දී ඉඩම් හිමිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය
  • නොතාරිස්වරයකු විසින් සහතික කරන ලද ඉඩමේ ඔප්පුවේ පිටපතක්
  • ඉඩම පිහිටි ස්ථානයට පහසුවෙන් ප්‍රවේශ වීම සඳහා අවට පිහිටීම ද පෙන්නුම් කරන පරිදි අදින ලද දළ රූප සටහනක්
  • වරිපනම් අය කරන ප්‍රදේශයක පිහිටි ඉඩමක් වන විට, ඉඩමේ හිමිකරුගේ නමින් දේපළ ලියා පදිංචි කර තිබිය යුතුය

ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම

  • නිවැරදිව සම්පූර්ණ කරන ලද 2021 නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් හා සංවර්ධන නියෝගවල 1 වන උපලේඛනයේ ඉල්ලුම් පත්‍රය හෝ නාගරික සංවර්ධන ප්‍රදේශ නොවන විට සභාවෙන් ලබා ගත් ඉල්ලුම් පත්‍රය
  • සුදුසුකම් ලත් තැනැත්තකු විසින් සහතික කරන ලද ගොඩනැගිලි සැලැස්මේ පිටපත් 05 (ඉදිකිරීමේ ස්වභාවය අනුව අදාළ වන සුදුසුකම් ලත් තැනැත්තා කවුද යන්න සභාවේ වෙබ් අඩවියෙන් හෝ පෙරටු කාර්යාලයෙන් දැන ගැනීමට හැකි ය)
  • ගොඩනැගිල්ල ඉදි කරනු ලබන ඉඩමේ අනුමත මිනින්දෝරු සැලැස්මේ පිටපතක් (නාගරික සංවර්ධන අධිකාරි පනත යටතේ ප්‍රකාශිත නාගරික සංවර්ධන ප්‍රදේශවලට පමණක් අදාළ වේ)
  • ඉල්ලුම්කරු ඉඩමේ හිමිකරු නොවන අවස්ථාවක දී ඉඩම් හිමිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය
  • ඉඩම පිහිටි ස්ථානයට පහසුවෙන් ප්‍රවේශ වීම සඳහා අවට පිහිටීම ද පෙන්නුම් කරන පරිදි අදින ලද දළ රූප සටහනක්
  • නොතාරිස්වරයකු විසින් සහතික කරන ලද ඉඩමේ ඔප්පුවේ පිටපතක්.
  • වරිපනම් අය කරන ප්‍රදේශයක පිහිටි ඉඩමක් වන විට, ඉඩමේ හිමිකරුගේ නමින් දේපළ ලියා පදිංචි කර තිබිය යුතු ය

වීථි රේඛා / ගොඩනැගිලි සීමා සහතික නිකුත් කිරීම

  • නිවැරදිව සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය
  • ඉඩමට අදාළ මිනින්දෝරු සැලැස්මේ පිටපතක්
  • ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම් පත්‍රයේ සහතික කළ පිටපතක්
  • ඉල්ලුම්කරු ඉඩමේ හිමිකරු නොවන අවස්ථාවක දී ඉඩම් හිමිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය

නොපවරා ගැනීමේ සහතික නිකුත් කිරීම

  • දේපළෙහි දත්ත සහිත ව නොපවරා ගැනීමේ සහතිකය ඉල්ලීමේ ලිපියක්
  • ඉල්ලුම්කරු ඉඩමේ හිමිකරු නොවන අවස්ථාවක දී ඉඩම් හිමිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය
  • සභාවට අය වීමට ඇති සියලු මුදල් ගෙවා අවසන් කර තිබිය යුතුය

අනුකූලතා සහතිකය නිකුත් කිරීම

  • නාගරික සංවර්ධන ප්‍රදේශයක වන විට, නිවැරදිව සම්පූර්ණ කරන ලද 2021 නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් හා සංවර්ධන නියෝගවල 1 වන උපලේඛනයේ ඉල්ලුම් පත්‍රය හෝ සෙසු ප්‍රදේශ සඳහා සභාවෙන් ලබා ගත් ඉල්ලුම් පත්‍රය.
  • නිකුත් කළ සංවර්ධන බලපත්‍රයේ සහ අනුමත සැලසුමේ පිටපතක් බැගින්.
  • ඉල්ලුම්කරු ඉඩමේ හිමිකරු නොවන අවස්ථාවක දී ඉඩම් හිමිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය.

සංවර්ධන බලපත්‍රයක වලංගු කාලය දීර්ඝ කිරීම

  • නිවැරදිව සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය
  • අනුමත කළ සංවර්ධන සැලැස්මේ මුල් පිටපත
  • නිකුත් කළ සංවර්ධන බලපත්‍රයේ පිටපත.
  • ඉල්ලුම්කරු ඉඩමේ හිමිකරු නොවන අවස්ථාවක දී ඉඩමේ හිමිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය

අනවසර ඉදිකිරීම් සඳහා ආවරණ අනුමතය දීම

  • නාගරික සංවර්ධන ප්‍රදේශයක් වන විට, 2021 නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් හා සංවර්ධන නියෝගවල 1 වන උපලේඛනයේ ඉල්ලුම් පත්‍රය හෝ වෙනත් ප්‍රදේශයක් වන විට, පෙරටු කාර්යාලයෙන් ලබා ගත් ඉල්ලුම් පත්‍රය.
  • ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම් පත්‍රයේ සහතික කරන ලද පිටපතක්
  • සුදුසුකම් ලත් තැනැත්තකු විසින් සහතික කරන ලද ගොඩනැගිලි සැලැස්මේ පිටපත් 05 (ඉල්ලීමේ ස්වභාවය අනුව අදාළ වන සුදුසුකම් ලත් තැනැත්තා කවරෙක් ද යන්න සභාවේ වෙබ් අඩවියෙන් හෝ පෙරටු කාර්යාලයෙන් දැන ගැනීමට හැකි ය)
  • ගොඩනැගිල්ල ඉදි කරනු ලබන ඉඩමේ අනුමත මිනින්දෝරු සැලැස්මේ පිටපතක් (නාගරික සංවර්ධන අධිකාරි පනත යටතේ ප්‍රකාශිත නාගරික සංවර්ධන ප්‍රදේශවලට පමණක් අදාළ වේ)
  • ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ස්වභාවය අනුව ඉල්ලුම් පත්‍රයේ සඳහන් කර ඇති ආයතනවලින් නිකුත් කරනු ලබන සහතික
  • ඉල්ලුම්කරු ඉඩමේ හිමිකරු නොවන අවස්ථාවක දී ඉඩම් හිමිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය
  • ඉඩම පිහිටි ස්ථානයට පහසුවෙන් ප්‍රවේශ වීම සඳහා අවට පිහිටීම ද පෙන්නුම් කරන පරිදි අදින ලද දළ රූප සටහනක්
  • නොතාරිස්වරයකු විසින් සහතික කරන ලද ඉඩමේ ඔප්පුවේ පිටපතක්

පරිසර ආරක්ෂණ බලපත්‍රය


නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය.
  • කර්මාන්තය හෝ ව්‍යාපාරය පිහිටා ඇති ස්ථානයට යන මාර්ගයේ දළ සටහනක්.
  • කාර්යයේ යොදවන සේවක සංඛ්‍යාව පිළිබඳ විස්තර.
  • ව්‍යාපාරය ලියා පදිංචි කිරීමේ සහතිකයේ, සහතික කළ පිටපතක්. (බලපත්‍රය අලුත් කිරීමක දී අවශ්‍ය නොවේ)
  • ව්‍යාපාරය කරගෙන යන ස්ථානයට අයත් ඉඩමේ ඔප්පුවේ පිටපතක්. (බලපත්‍රය අලුත් කිරීමක දී අවශ්‍ය නොවේ)
  • කර්මාන්තය / ව්‍යාපාරය කරගෙන යන තැනැත්තාට ඉඩමේ අයිතිය නොමැති නම්, අයිතිකරු සමග එළඹ ගත් ගිවිසුමක් වේ නම් එය හෝ ඉඩමේ අයිතිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ලිපියේ සහතික කළ පිටපතක්. (බලපත්‍රය අලුත් කිරීමක දී අවශ්‍ය නොවේ)
  • ඉඩමේ අනුමත කළ මිනින්දෝරු සැලැස්මේ සහතික කළ පිටපතක්. (බලපත්‍රය අලුත් කිරීමක දී අවශ්‍ය නොවේ)
  • අනුමත ගොඩනැගිලි සැලැස්මේ සහතික පිටපතක් (බලපත්‍රය අලුත් කිරීමක දී අවශ්‍ය නොවේ)

වෙළෙඳ බලපත්‍ර නිකුත් කිරීම.


  • නිවැරදිව සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය
  • පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගත යුතු කර්මාන්තයක් හෝ ව්‍යාපාරයක් වන විට වලංගු පරිසර ආරක්ෂණ බලපත්‍රයේ සහතික කළ පිටපතක්

ප්‍රචාරක දැන්වීම් ප්‍රදර්ශන අවසර පත්‍ර නිකුත් කිරීම


  • නිවැරදිව සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය;
  • A 4 කඩදාසියක මුද්‍රණය කරන ලද, ප්‍රදර්ශනය කිරීමට අදහස් කරන දැන්වීමෙහි සමරූපී ආදර්ශයක් (යොදා ගනු ලබන වර්ණ ද සහිත ව)
  • කිසියම් මාර්ගයක රක්ෂිතයක සවි කර ප්‍රදර්ශනය කරනු ලබන ප්‍රචාරක දැන්වීම් පුවරුවක් වන විට, අදාළ වන පරිදි ඒ මාර්ගයේ අයිතිය ඇති මාර්ග සංවර්ධන අධිකාරිය හෝ පළාත් බද මාර්ග සංවර්ධන අධිකාරිය හෝ පළාත් පාලන ආයතනය විසින් ඒ සඳහා අවසර දුන් ලිපියේ මුල් පිටපත
  • කිසියම් මාර්ගයක රක්ෂිතයක සවි කර ප්‍රදර්ශනය කරනු ලබන ප්‍රචාරක දැන්වීම් පුවරුවක් වන විට, අදාළ ප්‍රචාරක දැන්වීම් පුවරුව ප්‍රදර්ශනය කරන ස්ථානය අයත් වන පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ප්‍රධානියා විසින් නිකුත් කළ ලිපියේ මුල් පිටපත;
  • ඉල්ලුම්කරු ඉඩමේ අයිතිකරු නොවන විට, දැන්වීම ප්‍රදර්ශනය කරනු ලබන ඉඩමේ හෝ ගොඩනැගිල්ලේ අයිතිකරු විසින් ඒ සඳහා ඉඩ දෙන ලද බව ප්‍රකාශිත ලිපියේ මුල් පිටපත
  • නාගරික සංවර්ධන ප්‍රදේශයක් ඇතුළත ප්‍රදර්ශනය කරන ප්‍රචාරක දැන්වීම් පුවරුවක් වන විට, 2021 නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් හා සංවර්ධන නියෝගවල 104 වන නියෝගය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් හෝ සභාව විසින් අනුමත කළ බලපත්‍රයේ සහතික කළ පිටපත

ප්‍රසිද්ධ රඟ දැක්වීම් හා සැණකෙළි බලපත්‍ර නිකුත් කිරීම


නිවැරදිව සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය
  • A 4 ප්‍රමාණයේ කඩදාසියක අඳින ලද, සැණකෙළියේ කාර්යයට යොදා ගන්නා සෑම අංගයක් ම පෙන්නුම් කරන සැණකෙළි භූමියේ දළ රූප සටහනක්
  • ඒ ස්ථානයට රැස් වන මහජනතාවට ප්‍රමාණවත් වැසිකිළි පහසුකම් (ස්ත්‍රී, පුරුෂ සහ ආබාධිත අයට වෙන වෙනම) සපයනු ලබන බවට තහවුරු කරන ලිපියක්
  • ඒ ස්ථානයේ ඉදි කර ඇති තාවකාලික ගොඩනැගිලි ප්‍රමාණවත් සවි ශක්තියකින් යුක්ත වන බවට යාන්ත්‍රික ඉංජිනේරුවරයකු විසින් නිකුත් කළ සහතිකයක්
  • ඒ යම් ගොඩනැගිල්ලක රැස් වන මහජනතාවට දූෂණයට ලක් නොවූ හා ප්‍රමාණවත් වාතාශ්‍රය පවතින බවට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි විසින් නිකුත් කළ සහතිකයක්
  • හදිසි ගිනි ගැනීමක දී යොදා ගත හැකි පරිදි ප්‍රමාණවත් ගිනි නිවීම් උපකරණ (සාමාන්‍ය ගිනි නිවීම්, විදුලි ගිනි නිවීම් සහ ඉන්ධන ගිනි නිවීම් උපකරණ) යොදා ගනු ලබන බව තහවුරු කරන ලිපියක්
  • ආපදා අවස්ථාවක දී, රැස් වී සිටින ජනතාව ඉතා කෙටි කාලයක් ඇතුළත ඉන් ඉවත් කිරීමට ප්‍රමාණවත් පිටවීමේ දොරටු සහ ආරක්ෂිත වැඩ පිළිවෙළ යොදා ඇති බවට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි විසින් නිකුත් කළ සහතිකයක්
  • සැණකෙළි භූමිය තුළ සාමය පවත්වා ගෙන යාමට අවශ්‍ය වැඩ පිළිවෙළ යොදා ඇති බවට ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපති විසින් නිකුත් කරන ලද සහතිකයක්

මාර්ග පළුදු කිරීමට අවසර ඉල්ලීම


  • නිවැරදිව සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය
  • පළුදු කිරීමට අදහස් කරන මාර්ගයේ නියමිත ස්ථානයට ළඟා විය හැකි පහසු මාර්ගය පෙන්නුම් කරන දළ රූප සටහනක්
  • අදාළ සේවා සම්බන්ධතාව සපයන ආයතනය විසින් නිකුත් කළ ලිපියේ පිටපතක්

දේපළ හිමිකම ලියා පදිංචි කිරීම හා සංශෝධනය කිරීම


  • නිවැරදිව සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය (පිටපත් 2 කින් යුක්ත ව)
  • නොතාරිස්වරයකු විසින් සහතික කරන ලද ඔප්පුවේ පිටපත් 2 ක්

වරිපනම් අය කිරීම


  • සභාව විසින් තමන් වෙත එවනු ලැබූ තක්සේරු නිවේදනය

අක්කර බදු අය කිරීම


  • ප්‍රාදේශීය සභාවෙන් නිකුත් කළ සත්‍යෙක්ෂණ නිවේදනය

ව්‍යාපාර බද්ද අය කර ගැනීම


  • සභාව විසින් තමන් වෙත එවනු ලැබූ ව්‍යාපාර බදු නිවේදනය

කර්මාන්ත බද්ද අය කර ගැනීම


  • සභාව විසින් තමන් වෙත එවනු ලැබූ කර්මාන්ත බදු නිවේදනය

ගස්වලින් සිදු වන අනතුරුදායක තත්ත්වය ඉවත් කිරීම


  • නිවැරදිව සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය

ජල බවුසර් සේවාව ලබා දීම


  • නිවැරදිව සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය

වීථි ආලෝකකරණය


  • ප්‍රාදේශීය සභාව යටතේ පවතින මාර්ගවල සහ පොදු ස්ථානවල වීදි ලාම්පු සවි කිරීම සහ ඒවා නඩත්තු කිරීම අතුරලිය ප්‍රාදේශීය සභාව මගින් සිදු කෙරේ. වීදි ලාම්පු සවිකිරීමේදී මහජන අවශ්‍යතා සලකා බලන අතර මහජනතාවගේ ඉල්ලීම් කෙරෙහි ද නිසි සැලකිල්ලක් දක්වයි. ඒවා අක්‍රීය වූ විට, ලාම්පු නිරන්තරයෙන් නැවත සකස් කර මහජන පැමිණිලි හරහා විසඳනු ලැබේ.

මහජන පැමිණිලි


  • අතුරලිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මහජනතාව විසින් ඉදිරිපත් කරනු ලබන විවිධ පැමිණිලි පිළිබදව ස්ථානීය පරීක්ෂණයක් සිදු කොට එම ගැටලු සමථයකට පත්කර දීම ද මෙම ප්‍රාදේශීය සභා‍ව මගින් සිදු කරයි. මාර්ග ආරවුල් පිළිබඳ පැමිණිලි, ඉඩම් සම්බන්ධ පැමිණිලි මේ අතරින් ප්‍රධාන ස්ථානයක් ගනී.

කසල කළමණාකරණය


  • අතුරලිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල ඒක් රැස් වන කැලි කසල අපහරණ කටයුතු සිදු කරමින් ප්‍රදේශයේ පවිත්‍රව සහ සනීපාරක්ෂාව පවත්වාගෙන මාය සඳහා සේවක සංඛ්‍යාවක් සහ ට්‍රක්රථ යොදවා ඇත.

සෞඛ්‍ය


  • අතුරලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හා එක්ව බල ප්‍රදේශයේ ප්‍රජාවගේ සෞඛ්‍ය හා සනීපාරක්ෂාව වෙනුවෙන් සපයා දිය යුතු සියළු පහසුකම්, දැනුවත් කිරීම් හා පවිත්‍රතා කිරීම් නිරන්තරව සිදු කෙරේ. බල ප්‍රදේශයේ බෝවන රෝග ව්‍යාප්තිය අවම කිරීම, බෝ නොවන රෝග වළක්වා ගැනීමට අවශ්‍ය උපදේශන සායන පැවැත්වීම ද සිදු කෙරේ.
    තවද ඩෙංගු මර්දනය උදෙසා නිරන්තර දැනුවත් කිරීම, පරීක්ෂා කිරීම්, වැටලීම් මෙන්ම ශ්‍රමදාන හා නොදිරන කසළ නිවස ඉදිරිපිට ගොස් එකතු කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මකයි.

වාහන කුලියට දීම


    මේ සඳහා ලිඛිත ඉල්ලීමක් සහ කාර්යාලයෙන් ලබා ගන්නා අයදුම්පත සම්පූර්ණ කර ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ යුතුය. අදාළ මුදල ගෙවා වාහන වෙන්කරවා ගත හැක.පවතින වාහන


  • ට්‍රැක්ටර් ජල බවුසරය
  • ට්‍රක් ජල බවුසරය
  • බැකෝ ලෝඩරය
  • මෝටර් ග්‍රේඩරය
  • මාර්ග තලනය

මහජන පුස්තකාල


    අතුරලිය ප්‍රාදේශීය සභාව විසින් ජනතාව වෙත සපයනු ලබන තවත් සේවාවක් ලෙස මහජන පුස්තකාල පවත්වාගෙන යනු ලබන අතර, මෙම සේවාව මගින් මහජනතාවට පොත් පත්, වාර සඟරා , පුවත්පත් ආදිය පහසුවෙන් කියවීමට හා බැහැර ගෙන යාමට පහසුකම් සපයනු ලැබේ. එමගින් හෙට බිහිවන පරපුර දැනුමෙන්, බුද්ධියෙන් පරිපූර්ණ ප්‍රජාවක් ලෙස ලෝකයට දායාද කිරීම අපගේ අරමුණයි


  • විල්පිට මහජන පුස්තකාලය
  • තිබ්බොටුවාව මහජන පුස්තකාලය

  • පුස්තකාල පොත් බැහැර දීම

    පුස්තකාලයේ සාමාජිකත්වය ලබා ගෙන බැහැරට පොත් ගෙන යෑමේදී පොත පරිහරණය කිරීම සඳහා සති දෙකක කාලයක් ලබා දෙන අතර, සති දෙක ඉක්මවිමට පෙර එම කාලය තවත් සතියක් දක්වා දීර්ඝ කර ගත හැකිය.

    පුස්තකාල සාමාජික ගාස්තු
  • පාසල් ළමුන් සඳහා (සියලු බදු ඇතුලත්ව) – රු. 125.00
  • වැඩිහිටියන් සඳහා (සියලු බදු ඇතුලත්ව) – රු. 125.00

  • විස්තර සඳහා විමසිම්:- ප‍්‍රජා සංවර්ධන නිළධාරී :- එස්.ජි.ජයන්ත කුමාර මයා
  • දුරකතන අංක :- 041-2284175

පෙර පාසල්


    අතුරලිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කුඩා දරුවන්ගේ මුල් ළමා විය සංවර්ධනයත් , මතු පරපුරෙහි ප්‍රාථමික අධ්‍යාපනයත් ලබා දී දරුවන්ගේ ඉදිරි අනාගතය සාර්ථක කර ගැන්වීම උදෙසා අතුරලිය ප්‍රාදේශීය සභාව මගින් පෙර පාසලක් විල්පිට ප්‍රදේශයේ ආරම්භ කොට පවත්වාගෙන යනු ලැබේ.එනම්


  • විල්පිට ශ්‍රීපති පෙර පාසල
  • පෙර පාසල් වැඩ සටහන්

  • විල්පිට ශ්‍රීපති පෙර පාසලේ පවත් වන ලද සිඟිති පොළ
  • විල්පිට ශ්‍රීපති පෙර පාසලේ පවත් වන ලද සිඟිති ප්‍රදර්ශනය
  • විල්පිට ශ්‍රීපති පෙර පාසලේ පවත් වන ලද රාත්‍රී කඳවුර
  • විල්පිට ශ්‍රීපති පෙර පාසලේ පවත් වන ලද මිහිඳු පෙරහැර
  • විල්පිට ශ්‍රීපති පෙර පාසලේ පවත් වන ලද වාර්ෂික විවිධ ප්‍රසංගය

වෙනත් සුභ සාධක සේවා


  • කොරෝනා වසංගත තත්වය හමුවේ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් ප්‍රදේශවාසීන් සඳහා වියළි ආහාර ලබා දීම
  • ගංවතුර අවස්ථාවලදී ප්‍රවාහන සේවා ලබා දීම.
  • ප්‍රදේශීය ජනතාවගේ පානීය ජල පහසුකම් ඇති කිරිම උදෙසා ජල නල පහසුකම් ලබා දීම.